තනිවුණු දේශයක නොවැටුණු තොමසු අපි




ලොව පුරා සිග්‍රයෙන් ව්‍යාප්තව ගිය Covid-19 වෛරසය හමුවේ සෑම රටකම සමාජ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් ඇති කළේය. ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩි ලෙස බලපෑවේය. 

සියලු පාසල් වසා දමද්දී තොමසු සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදෙමින් විද්‍යාලීය තොරතුරු තාක්ෂණික අංශය විසින් විද්‍යාලයේ සිසුන්ට දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙස Microsoft Teams යන මෘදුකාංගය ඔස්සෙ ගුරුවරුන් සමග සම්බන්ධ වෙමින් තම අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ඉඩ සලසා දුන්නේය.
 
මෙය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නිශාන්ත මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වූ අතර මේ සියල්ලම සඳහා විද්‍යලයේ ගරු විදුහල්පති ඩබ්.බී. පියතිස්ස මැතිතුමා සිය සක්‍රීය දාකත්වය ලබා දෙන ලදී. තොමසු තාක්ෂණික අංශය භාර ආචාරිනී එම්.එස්.එෆ්.රිස්ලා ගුරුතුමිය ,ලලිත් ජයවර්ධන ගුරුතුමා, අනුරාධා විජේවික්‍රම ගුරුතුමිය ,චන්දිමා ගමගේ ගුරුතුමිය ,සුලෝචනා ඉශන්ගනී ගුරුතුමිය ඇතුළු ගුරු මණ්ඩලයේ නොමසුරු සහාය මෙය සාර්ථක කරගැනීම සඳහා බෙහෙවින් උපකාරි විය. මේ නිසා 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට තම නිවසේ සිටම සිය අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැළසිණි. මෙම කර්තව්‍ය සාර්ථක කරගනිමින් කොවිඩ් වසංගතය හමුවේ තනිවුණු තොමසුවන්ට අධ්‍යාපනයේ හිණිපෙත්තට නැගීමට උර දුන් සියල්ලන්ට තොමසු මාධ්‍ය සංසදයේ ස්තුතිය පුද කරමු



The COVID-19 pandemic has severely affected the socio-economic stability of almost every country in the world. It has affected the education sector of Sri Lanka too.

While all the schools are closed in Sri Lanka, the IT unit of our college allows the students to continue their education without any disturbance through the Microsoft Team software by connecting with the teachers as a distance education method.
  
This was implemented as the suggestion of former students and this was prioritized by the principal of St. Thomas’ College, Mr. W. B. Piyatissa,Teacher in charge of IT unit Mrs. M. S. F. Rizla and  t Mr. Lalith Jayawardana, Mrs. Anuradha Wijewikrama, Mrs. Chandima Gamage, Mrs. Sulochana Ishangani, and the teaching staff assisted in this. Finally, students from grade 5 to grade 13  got the chance to study all subjects safely from their homes through this system


Article by: R.K.Suvindu Sithmina,  Akiff Ahamed, Linuka Wijesinghe




Comments

Post a Comment

Popular posts from this blog

Annual Inter House Sportsmeet 2020

New Leader for Senior Western Band !